(ඩී.කේ.රත්න )
තණමල්විල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ ඇතිලිවැව ප‍්‍රදේශයේදී අද (28) අලූයම මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක හැපීමෙන් නිසා කුඩා දරුවෙකු මියගොස් මව සහ පියා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ දෙදෙනා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොනරාගල සිරිගල මූලික රෝහල වෙත මාරුකර යවා ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.
පානදුර හොරණ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙකක දරුවෙකු මෙම අනතුරින් මිය ගොස් ඇතයි පොලීසිය කියයි.
එකම පවුලේ මව පියා සහ මෙම දරුවා සිය මෝටර් රථයෙන් පානදුර හොරණ ප‍්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරුට ලක්වී ඇත. මෙම අනතුරට ලක්වූ මව සහ පියාගේ තත්වයද බරපතල බව පොලීසිය කියයි.
මෝටර් රථයේ රියදුරුට තම මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතයි වැල්ලවාය පොලීසිය කියයි.
වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එම්.රත්නායක මහතාගේ උපදෙස් පරිදි වැල්ලවාය පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

