රිය අනතුරකින් තරුණයෙක් මරුට


(අශෝක තිලකරත්න)
 
තිස්සමහාරාම නගරයේදී   යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක   ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ  යතුරුපැදිකරු  හම්බන්තොට  දිස්ත්‍රික් මහ  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි  තිස්සමහාරාම පොලිසිය  පවසයි.

 
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල  රාජපක්ෂපුර  පදිංචි තිස්සමහාරාම සන්නිවේදන වෙළඳ ආයතනයක සේවය කරන රත්නායක මුදියන්සේලාගේ තරිඳු දිල්ෂාන්(19) නැමති  තරුණයෙකි.
  
ඔහුගේ මරණය සම්බන්ධ  හදිසි මරණ පරීක්ෂණය  බස්නාහිර වළකඩ හදිසි මරණ පරික්ෂක ඒ. වෙත්තසිංහ මහතා විසින්  අද (26) පෙරවරුවේ පවත්වන ලදි.
 
තිස්සමහාරාම පොලිසිය මෙම  මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.