(රන්න - චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය පොලිස් වසමේ කටුවැව ප්‍රදේශයේදී අද (08) සවස සිදුවූ රිය අනතුරකින් තිදරු පියෙකු මිය ගොස් ඇති බව වීරකැටිය පොලීසිය පවසයි.
තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ජීප් රථයක් හදිසියේම මාර්ගය හරහා ගමන්කර ඉදිරියෙන් පැමිණි ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි. අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි.
අනතුරෙන් මිය ගොස් තිබුණේ වීරකැටිය, ගිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුංචි හේවගේ ප්‍රියංකර රෝහන පුංචි හේවා යන අයයි.
ජීප්රථය තුළ තරුණියක් හා තරණයෙකු ගමන්කර ඇති අතර තරුණයා විසින් ජීප් රථය පදවා ඇති බව පොලීසිය පවසයි. ජීප් රථයේ සිටි තරුණියටද සුළු තුවාල සිදුව තිබේ.
අනතුරු සිදුකළ ජීප් රථය පදවා ඇත්තේ ඇඹිලිපිටිය පදිංචි 21 හැවිරිදි තරුණයෙක් වනඅතර ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.