(මොහොමඩ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල ඉබ්බන්කටුව ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවි රිය අනතුරකින් යතුරුපැදිවල ගමන්කළ එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රියේදී ත්‍රිකුණාමලයේ සිටි කොළඹට පිටි ප‍්‍රවාහනය කරමින් තිබු කට්ටේනර් රථයක් එම දිශාවටම යමින් තුබු යතුරුපැදියක් පසුකර යාමට උත්සාහ කිරිමෙදි ප‍්‍රතිවිරුද්ද දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටිම හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි
මෙලෙස අනතුරට ලක්වුයේ දමුල්ල වෙලදසැලක සේවය නිමවි නිවස බලා යමින් සටි එහිදි පල්ලේපොල මිල්ලවාන කන්දේවත්ත ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ බාප්පා හා පුතා පැදවු යතුරුපැදිය කන්ටේනරයේ රොදයක් දෙසට ඇද වැටිම හේතුවෙන් එහි පටුපස අසුනේ ගමන්කල පුතා රොදයට යටවි දඹුල්ල මුලික රොහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ අලූත්ගෙදර නිලංග ඉන්දුරත්න (38) නැමති විවාහකයෙකි.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර 24 දා දඹුල්ල මහේස‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතවය.