(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව වැලිකන්ද-සිංහපුර ප‍්‍රධාන මාර්ගයේ මඟුල් පොකුණ හන්දියට නුදුරුව අද(8) අලුයම ධාවනය වෙමින් තිබූ ත‍්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ මාර ගසක හැපීම නිසා සිදුවූ අනතුරකින් ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් අයෙකු මියගොස් ඇතැයි ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
ත‍්‍රිරෝද රථයේ රියැදුරා සහ ඔහුගේ බිරිය තුවාල ලබා තිබේ. ඔවුන් ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ නිට්ටඹුව, වාකලාන අංක 125 ලිපිනයේ පදිංචි ගාර්දි ආරච්චි රාළලාගේ ජයරත්න (74 ) යන අයයි.
වැලිකන්ද පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.