(සිරාජ් හසීම් සහ එස්.ප්‍රදීපන්)
උතුරු පළාතේ රැකියා විරහිත උපාධීධාරීන් පළාත් අමාත්‍යංශවල සහ දෙපාර්තුමේන්තුවල සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් පළාත් අමාත්‍යංශවලට හා දෙපාර්තුමේන්තුවලට ලිඛිතව දැනුම් දුන් බව කී ඒ මහතා රැකියා විරහිත උපාධිධාරීන් පුරප්පාඩු සදහා බදවා ගන්නැයි ඉල්ලා සිටියි.
පළාතේ ජල හා පානීය ජල ගැටළු සම්බන්ධයෙන් අද(07) උතුරු පළාත් සභා වේදී පැවති සැසිවාරයේ දී ඒ මහතා මේ බව කීය.