රාජිතට යළි සෞඛ්‍ය ඇමැතිකම නොදෙන්නැයි විරෝධතාවයක්


(ජේ.කේ.එල් චාමින්ද)
 
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට නැවත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද (2) දහවල් කරාපිටිය රෝහල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වුහ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් මෙකී විරෝධතාවය සංවිධනය කර තිබුණි. 

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට විරෝධය පල කරමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරු විරෝධතාවයේ නිරතවුහ. 


 


ඡායාරූප - ජී.ඩබ්ලිවි.කේ.ප්‍රේමතිලක ද සිල්වා