රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ විමර්ශනයක්


ඩී.ජී.සුගතපාල

වර්තමානයේ රටේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි  රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරිමට ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පියවර ගෙන තිබේ.

මේ වනවිට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන 70 ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම සංවිධාන වලින් රැසක්ම යැපෙන්නේ  විදේශ ආධාර වලින් බවත් එම ආධාර දෙන පුද්ගලයින් හෝ සංවිධාන පිළිබඳවත්  වියදම් කර ඇති ආකාරය පිළිබඳවත් සේවය කරන අය පිළිබඳවත් මෙහිදී විශේෂයෙන්ම සොයා බලන බව සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

එයට අමතරව ක්‍රියාකාරි සැළසුම් ලබාදී නොමැති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවීම්වලටද සහභාගී නොවන සංවිධානවල  ලියාපදිංචිය අහෝසි කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය නොවන  සංවිධාන ජාතික ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණය කළ බවත් ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.