රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ගුවන් හමුදාවට


බිඟුන් මේනක ගමගේ

එල්.කේ ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව සංවිධානය කළ හොඳම වෙබ් අඩවි තේරීමේ තරඟයෙන් රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.airforce.lk වෙබ් අඩවියට හිමිව ඇත.

තාක්ෂණය, නිර්මාණාත්මකභාවය හා අන්තර්ගතය යන නිර්ණායක පදනම් කරගෙන මෙම විනිශ්චය කළ බව එල්.කේ ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය පවසයි. 

තරඟ අංශ 14 ක් යටතේ සංවිධානය කෙරුණු මෙම තරඟය වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර මෙවර පැවැත්වුණේ අට වැනි වරටය.

රාජ්‍ය අංශයේ දෙවැනි ස්ථානයට හිමි රිදී සම්මානය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියටත් www.parliament.lk තෙවැනි ස්ථානයට හිමි රජත සම්මානය නාවික හමුදාවේ නිල වෙබ් අඩවියටත් www.navy.lk හිමිව ඇත.