ප්‍රසන්න පත්මසිරි
මැදගම ප්‍රදේශීය ලේකම්වරයා ඉදිරියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටින අතරතුර ලේකම්වරයා අත තිබූ ලිපියක් උදුරා ඉරා දමා රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවන් දෙදෙනෙකු අද(13) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ලේකම් කපිල බණ්ඩාර මහතා ඉදිරියේ ඉඩම් ආරවුලක් සම්බන්ධදයෙන් පැමිණිල්ලක් විභාගකරමින් සිටියදීය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මැදගම ඇල්හේනේ පදිංචි වයස අවුරුදු 56 හා 66 හැවිරිදි බව පොලිසිය පවසයි.
සාපරාධි බලහත්කාරය,කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීම සහ ලේකම්වරයාගේ රාජකාරියට බාධාකිරීම යන චෝදනා යටතේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් දෙදෙනා ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.