(දයාරත්න ඇඹෝගම)
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු රඹෑව ප්‍රාදේශිය සභාව පළමු වතාවට අද (27) රැස් විය.
අනතුරුව සභාපතිවරයා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වු අතර එහිදී සභපති වරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ප්‍රසන්න තෙන්නකෝන් මහතා තේරීපත් වු අතර හා උප සභපතිවරයා ලෙස එම පක්ෂයේ ම එස්. සයිබු මහතා තේරී පත්විය.
මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ට ජන්ද නවයක් (09 ) ද එක්සත් ජාතික පක්ෂයට ජන්ද හයක්ද (06 ) ලැබුණි . ඒ අනුව වැඩි ජන්ද තුනකින් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ජය ගත් අතර සභාපතිවරයා හා උප සභාපති වරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත් විය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ජන්දය දීමෙන් වැලකි සිටියහ.
මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන ,හිටපු මහා ඇමති රංජිත් සමරකොන් හිටපු අමත්‍ය හා මැදවච්චිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක කේ.එච් නන්දසේන මහතා ඇතුළු විශාල පිරිසක් සභාගිවුහ.

