රන්මාල කැඩු දෙදෙනෙක් අත්අඩංගුවට



 
(ජයන්ත නානායක්කාර )

ඌරුබොක්ක ප්‍රදේශයේ කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කැඩූ පුද්ගලයන් දෙදෙනෙකු  අද (11) අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය මැදමුලන සියඹලාහැන්දෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඌරුබොක්ක ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ ගින්නලිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පිහිටි නිවසක කාන්තාවක් තම නිවස ඉදිරිපිට රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කිසියම් ස්ථානයක් පිළිබඳව විමසා ගෙළ බැඳි රන්මාලය කඩාගෙන කාන්තාව තල්ලුකර දමා පලා ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලීසිය දැක කඩාගත් මාල මඩ වලකට දමා තිබියදී  පොලිසිය සොයා ගෙන ඇත.

සැකකරු ළඟ තිබී තවත් රන්මාලයක් සහ දරුවෙකුගේ පංචායුධයක්, මාල උකස් කළ රිසිට්පත්, ජංගම දුරකථන දෙකක් සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් බාරයට ගෙන තිබේ.