රන් මුදු 10 ක් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අල්ලයි


( ටී.කේ.ජී.කපිල )

රන් මුදු දහයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (27)  කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

 මොහු කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

 ඔහු  අ(27) අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණ , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යෑමට සූදානම්ව සිටියදී , රේගු නිලධාරීන් විසින් ඔහුගේ සාක්කුවේ සගවා ගෙන තිබූ මෙම රන් මුදු තොගය සොයාගෙන තිබුණි .

එහි ග්‍රෑම් 299.80 ක් බර , රුපියල් 17,98,980 ක් වටිනා රන් මුදු 10 ක් තිබී රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.