අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
නිවසකට ඇතුලූවී නිවැසියන් බියවද්දා රන් මාලයක් කොල්ලකන ලද බවට සැකපිට යුද හමුදා සෙබළෙක් අද (14) අලූයම අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන යුද හමුදා කාර්මික සෙබළෙකි. ඔහු ඇඹිලිපිටිය කොළඹගෙආරේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පදිංචි කොළඹගෙආර නිවසේ දී බවද පොලීසිය කියයි.
පසුගිය වැනි දා (11) සැකකරු මෙම කොල්ලය සිදුකර ඇත.
නිවැසියන් විසින් සැකකරු හඳුනා ගන්නා ලදී. කොල්ලකන ලද රන් මාලයේ වටිනාකම කොතෙක්දැයි පැමිණිල්ලේ සඳහන් නොවන බවද පොලීසිය කියයි.
ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.