(ජුඩ් සමන්ත)
හලාවත පොලීසියේ රථ වාහන අංශය 2017 වර්ෂය තුළදී විවිධ රථ වාහන වැරදි සිදු කළ රියදුරන් 16,450 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර,එම රියදුරන්ට අධිකරණය විසින් රුපියල් 1,36,57,300 ක දඩ මුදලක් නියම කර ඇත.
මෙසේ දඩ නියම වී ඇති රියදුරන් අතර මත්පැන් පානය කර රිය පැදවූ රියදුරන් 733 ක් වේ. ඔවුන්ට පමණක් අධිකරණය විසින් රුපියල් 49,25,500 ක දඩ මුදලක් නියම කර ඇත.
බීමතින් රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රියදුරු බලපත්ර් හිමි සියළුම රියදුරන්ගේ රියදුරු බලපත්රඅය මාස 6 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමටද අධිකරණය නියම කර ඇත.
ගෙවී ගිය වසර තුළ හලාවත පොලිස් බල ප්රිදේශය තුළ රිය අනතුරු 196 ක් සිදුවී ඇත. ඉන් 21 ක් මාරක රිය අනතුරු වේ.මාරක රිය අනතුරු වලින් දේපල හානි 21 ක් සිදුවී ඇති අතර, 23 දෙනෙකු ජීවික්ෂයට පත්ව ඇත. බරපතල රිය අනතුරු 45 ක් සිදුවී ඇත.
හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එන්.සමරවීර මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම නඩු පැවරීම් සිදු කර ඇත.