(ඉන්දිකා රාමනායක )
රත්මලාන අංජු නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙක් ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 78 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් හාරලක්ෂ විසිදෙදහසකට ආසන්න මුදලක් සමග සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ පවසයි
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක (1) භට කණ්ඩායමක් මගින් මොරගහහේන පොලිස් වසමේ ඔලබොඩවත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් සහ ඉහත මුදල් තිබී ඇත .