(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම දිස්ත‍්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල සහ ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.