රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය අවදානම් ලකුණු


(ප්‍රින්ස් රත්නායක)

බළන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන් හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි. 

මේ සම්බන්ධනයෙන් කළ විමසීමේ දී  ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“සැළකිය යුතු වැසිතත්වයක් මේ දිනවල පවතිනවා. විශේෂයෙන් මේ මාස  එක හමාරේ වර්ෂාපතනය හොඳින් පැවති අතර ඉදිරියේදීත් වර්ෂාව පවතින බව නිවේදනය කර තිබෙනවා. නායයාම් හා අවදානම් කලාප සම්බන්ධයෙන් සිතියම් ගත හඳුනාගත් ස්ථාන සහ  නාය යා හැකි කඳුකර බෑවුම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව පවතින වැසි තත්වයන් සමඟ දැඩි අවධානයෙන් හා සුදානමෙන් සිටින ලෙස  දැනුම් දෙනවා ” යනුවෙන් පැවසීය.