(අප්සරා යෝසිත් විජේසූරිය සහ පී.ඒ.කේ විජයසුන්දර)
රත්නපුර මහ නගර සභාවේ 2019 සඳහා වන අයවැය යෝජනාව අද (14) මහ සභා රැස්වීමට නගරාධිපති ටිරෝන් හිරන්ත මහතා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ සභාවට පැමිණ සිටි සභිකයන් 24 දෙනාම අයවැයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වාර්ෂික අයවැය සභා සම්මත විය.
රත්නපුර මහ නගරසභාවේ සමස්ත සභික සංඛ්‍යාව 25 ක් වන අතර රත්නපුර මහනගර සභාවේ බලය හිමි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී සභික සංඛ්‍යාව 12කි.එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් 10ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් 02ක්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන එක් සභිකයෙකුගෙන් සමන්විතව පවතින රත්නපුර මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී සභා වාරයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා සහභාගි නොවීය.