(මහින්ද නිශ්ශංක)
වැටුප් ගෙවීමේ ප්‍රමාදයකට විරෝධය දක්වා රත්නපුර ඩිපෝ රියදුරු හා කොන්දොස්තරවරු ඉකුත් 9 දා ආරම්භ කළ වැඩ වර්ජනය අද (13) පස්වරුවේ සිට අත්හිටවූ බව සබරගමුව ප්‍රාදේශීය කළමනාකාර ආර්. යු.එම්.එස්. රාජකරුණා මහතා පැවසිය.
ඉකුත් 8 වැනිදා ට ගෙවිය යුතු ඔක්තෝබර් මාසයේ වැටුප නොගෙවීමෙන් වර්ජනය ආරම්භ කෙරිණි.
ගෙවීම ප්‍රමාද වූ එම ඔක්තෝබර් වැටුප අද (13) සේවකයන්ට ලබාදුන් බවත් ප්‍රමාද වූ එම ඔක්තෝබර් වැටුප අද (13) සේවකයන්ට ලබාදුන් බවත් ඒ අනුව වැඩවර්ජනය අවසන් කර අද (13) පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය ආරම්භ කළ බවත් ප්‍රාදේශිය කළමනාකාර රාජකරුණා මහතා කීය.