රත්නපුර කසල බැහැරකරන ස්ථානයේ ඇතිවූ ගින්න නිවා දමයි


අප්සරා යෝසිත් විජේසූරිය
 
රත්නපුර කනාදොළ පිහිටි රත්නපුර මහ නගර සභාවේ කසළ බැහැරකිරීමේ හා කසල කළමනාකරණ මධ්‍යස්ථානයේ එක්රැස් කර තිබූ ටොන් හාරසියක් ඉක්මවූ කුණු කන්දේ පැතිරයමින් තිබූ ගින්න නිවීමේ කටයුතු අද (25) ආරම්භ කර තිබේ. 
 
රත්නපුර මහනගර සභවේ ගිනිනිවීමේ ඒකකයත්, කුරුවිට ගැමුණු හේවා බලකායත් ප්‍රදේශවාසීන් නගරසභා කම්කරුවන් සමඟ එක්ව ගිනි නිවීමේ කටයුතු ආරම්භ කර, එම ගින්න පැතිරයාම වළක්වාලීමට පියවරගත් බව රත්නපුර මහ නගර සභා නාගරික කොමසාරිස් සුජීව ගොඩැල්ලවත්ත මහතා පැවසුවේය.
 
කසල බැහැර කිරීමේ හා කසල කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටි අක්කර 08ක පමණ භූමියේ අක්කර 3කට ආසන්නව කසල තැන්පත් කර ගොඩගැසුණ කුණුකන්ද ගිනිගෙන ඇතිබව නාගරික කොමසාරිස්වරයා පැවසුවේය. 
 
එසේම මේදිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වය මේ ගින්න පැතිරයාමට හේතුවක් වන්නට ඇතිබවද නාගරික කොමසාරිස්වරයා පැවසුවේය. 
 
මේ සම්බන්ධව රත්නපුර පොලිසිය පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.