රජරට සිසුන් සිව්දෙනකුගේ පන්ති තහනම්


(දයාරත්න ඇඹෝගම)

රජරට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සිසුන් සිව් දෙනෙකුගේ පංති තහනම් කොට තිබේ.

මෙසේ පංති තහනමට ලක්ව ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ලහිරු මධුෂාන්,හිටපු සංස්කාරක ගිහාන් චාමික,කළමනාකරණ අධ්‍යාපන පිඨයේ සභාපති ධනුෂ්ක රාජපක්ෂ, සහ වසන්ත මුදලිගේ යන සිසුන්ය.

මෙම සිසුන් පසුගිය මැයි 30 වැනිදා  විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයේදී කළු කොඩි දමා බාධා කිරීම සම්බන්ධයෙන් පැවති විනය කමිටු පරික්ෂණ නිර්දේශය මත මෙසේ පංති තහනම් කළ බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් ඇතළු සිසුන් 12 දෙනෙකුද පංති තහනමට ලක්ව සිටිති.

රජරට විශ්ව විද්‍යාලයේ සුභ සාධන ගැටළු රැසක් තිබියදී එවා ඉටු නොකර සිසුන් මර්ධනය කිරීමට පාලනාධිකාරිය කටයුතු කරන බව පවසමින් සිසුහු විශ්ව විද්‍යාල භූමිය තුළ උද්ඝෝෂණයක නිරත වූහ.