රජයේ සේවකයෙකුට පහරදීමේ චෝදනාවෙන් සැකකරු නිදහස්


(ටෝනි කරුණානායක)

රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදි එම චෝදනාවට අදාළ සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නිදොස් කොට නිදහස් කළේය.

වතුරුගම බටේපොල ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.දක්සින සමිර කුමාරසිංහ නැමැති සැකකරු ව මෙසේ වෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරුණි.

2019 වර්ෂයේ මාර්තු මස30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී මල්වතුහිරිපිටිය
ක්‍රීඩාංගනයේ පැවති සංගිත ප්‍රසංගයක ප්‍රවේශ පත්‍ර පරික්සා කිරීම සඳහා ගිය මහර ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකට පහරදී රාජකාරියට බාදා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව මල්වතුහිරිපිටිය පොලිසිය මගින් සැකකරුට ගොනු කර තිබුනි.

සැකකරුට විරුද්ධව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත්  සාක්ෂි නොමැති හෙයින් සැකකරු ව මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.