රජයේ සහන අහිමි වූ 100කට සහන සැලසීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්


(එෆ්.අස්ලම්)

කෝවිඩ් 19 වයිරසය පැතිර ගිය මාස තුනක කාලය තුළ පීඩාවට පත්  ජනතාව සඳහා රජය ලබාදුන් සහන  හිමි නොවූ පුද්ගලයින් 100කට වැඩි පිරිසකට කඩිනමින් එම සහන සලසා දෙන්නැයි  ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ.

දෛනික ජන ජීවිතය අඩපණ වූ පවුල් වෙනුවෙන් රජය ලබාදුන් රුපියල් 5000 සහන දීමනාව, වියළි ආහාර ඇතුළු රජයේ සහන නොලැබීමෙන් අසාධාරණයට ලක්වූ  100කට අධික පිරිසක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණිලි කර තිබුණි.

ඒ පිළිබඳව කඩිනම්  අවධානය යොමුකළ ආණ්ඩුකාරවරයා  ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත කඩිනම් උපදෙස් ලබාදුන්නේය.