චමිල් රුපසිංහ
රජයේ පාසල්වල අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති මත ක්‍රියාත්මකව, ඉතා විශිෂ්ට තත්ත්වයක පවතින බවත් විභාග ප්‍රතිඵලවලින් එය මනාව පැහැදිලි වන බවත්, ඒ සඳහා කැපවී ක්‍රියා කරන සමස්ත ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මහනුවර පොල්ගොල්ල ආදර්ශ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සහ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයට සහභාගී වෙමින් අද (7) ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙරට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයේ උසස් බව හේතුවෙන් මෙරටෙහි ලෝකය ජයගත් විද්වතුන් රැසක් බිහිව සිටින බවත්, ඒ සඳහා කැපවී ක්‍රියා කළ ගුරු මෑණිවරු හා පියවරු අමතක නොකළ යුතු බවත්, ලෝක ළමා දිනයත් ලෝක ගුරු දිනයත් සමරන දිනයක පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කළේ ළමයින් හා වැඩිහිටියන් යන දෙපිරිසම පිළිබඳව කතාබහ කළ යුතු නිසා බවත් පැවසීය.
එය රජයේ පාසලක් නොවෙයි. පෞද්ගලික පාසලක් වන එහි දරුවන් ඉතා හොඳින් පුහුණු වීම් කරලා තමයි මේ උත්සවයට සහභාගි වෙලා තිබුණේ. හමුදා අනුඛණ්ඩයක් මෙන් ආචාර පෙළපාළියේ ඔවුන් ගමන් කළා. මාගේ අවධානය යොමු වූ අනිත් පාසලේ නම මම මේ වෙලාවේ හෙළි කරන්නේ නැහැ. කිසිදු පුහුණුවක් නොමැතිව ඔවුන් පෙළපාළියේ ගමන් කළ බව පැහැදිලිව පෙනෙන්න තිබුණා. මෙම ආචාර පෙළපාළිය මගින් රජයේ පාසල් හා පෞද්ගලික පාසල්වල වෙනස පෙන්නුම් කළා.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පළාත් සභා මන්ත්‍රී සුනිල් අමරතුංග, පොල්ගොල්ල ආදර්ශ විදුහලේ විදුහල්පති දේශප්‍රිය රත්නායක යන මහත්වරු සහභාගි වූහ.