රජයේ ඉඩමක් පෞද්ගලික ව්‍යාපෘතියකට දුන්නැයි කල්පිටියේ විරෝධතාවක්


(  හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි)
            

කල්පිටිය ජනසවිපුර ගම්මානයේ ජනතාව වසර 30 කට ආසන්න කාලයක් භාවිතා කළ රජයේ ඉඩමක් හදිසියේ ව්‍යාපෘතියකට ලබා දිමට විරෝධය දක්වමින් 500 කට වැඩි පිරිසක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුහ.
 
 
 මෙම විරෝධතාවයට ජනසවිපුර ගම්මානයේ සියලුම ජනතාව එක්වි සිටිම විශේෂ සිද්දියක් වු අතර එම පිරිස අද( 6) ඔවුන් නිරත වන ධිවර රැකියාවට පවා නොගොස් විරෝධතාවයෙන් පාගමනින් සැතපුම් දෙකකට වැඩි දුරක් ගෙවා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියට පැමින මෙසේ විරෝධතාවයට  එක් විණි.
 
 මෙසේ විරෝධතවයේ නිරත වු පිරිස් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටියදි මේ විරෝධතාවයේ නිරතවු පිරිසෙන් කණ්ඩායමක් සාකච්ඡාවට කැදවු කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා විරෝධතාකරුවන්ට  පැවසුයේ මෙවැන්නකි.
 
 “මේ ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට එකට අයත් ඉඩමක් ඒ නිසා මිට වසර කිපයකට පෙරයි ආයතනය පෞද්ගලික පිරිසකට ලබා දි තිබේන්නේ .ඒ අනුවයි එම පිරිස මෙම ඉඩමට වැට ගැසිම සිදු කර තිබේන්නේ . කොහොමත් මේ ඉඩමට මේ වන විට අධිකරණ තින්දුවක් ලබා දි තිබෙනවා  .වෙනත් කිසිවකුට ඇතුල් නොවන ලෙසට . නමුත් මේ ගමට ක්‍රීඩා පිටියක් නොමැති නිසා අපිට පුළුවන් නැවත අධිකරණයට මේ පිළබදව කරුණු ඉදිරිපත් කරලා සානුකම්පිත හේතු දක්වලා අභියාචනයක් ඉහළ උසාවියකට දන්වන්න. නැතුව ප්‍රශ්ණ ඇති කරන්න එපා.