පසුගිය වසර කීපය තුළ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු වලට රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත් මේ වසරේදීත් තම ගැටලු වලට විසඳුම් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලන බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පී.හේවාගමගේ මහතා පවසයි.
තම සේවය නිසියාකාරව කරගෙන යාමට අවදානම් දීමනා,සේවයට වහා කැඳවීමේ දීමනා හා ප්‍රවාහන දීමනා අවශ්‍ය බව ද ඔහු කියයි.
වෛද්‍ය සේවා ව්‍යවස්ථාවේ චක්‍රලේකනයට අනුව මෙය අනිවාර්යයෙන් ලබා දිය යුතු බවත් ඔහු පවසයි.