(සනත් ගමගේ)
වර්තමාන රජය දිනෙන් දින සිදු කරන මහජන පීඩා සම්බන්ධයෙන් රජයට විරෝධය පළකරමින් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු අම්බලන්තොට නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක (16) නිරත වූහ.
කිසිවෙක් නොදන්නා ඉන්ධන මිළ සූත්‍රය දැනට මාසයක් පාසා ක්‍රියාත්මක කිරීම, අගමැතිතුමාගේ අදහස මත එය සතියකට වරක් ක්‍රියාත්මක කිරීමට කරන සැලසුමට විරෝධය පළකිරීම හා දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ ඉහළ යෑම නිසා මහජනතාවට සිදුවන පීඩාවන්ට විරෝධය පළකරමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්වූ බව අම්බලන්තොට ප්‍රදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා කීය.
විරෝධතාවයට එක් වූ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඉන්ධන මිළ ඉහළ යෑමට විරෝධය පළකිරීමක් වශයෙන් මාසික සභා රැස්වීමට යතුරු පැදි තල්ලු කර ගෙන පැමිණියහ.