(එම් .සුසිල් ප්‍රියන්ත)
අහුන්ගල්ල වැලිකන්ද බෝගහපිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත් කුඩු , යුද හමුදා නිල ඇඳුම් හා මුදල් තොගයක් සමඟ අද (02) පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්‍ය බලකායේ අලුත්ගම කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසීය.
හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 4 යි මිලි ග්‍රෑම් 130 ක් , යුද හමුදා නිල ඇඳුම් 10 ක් හා රුපියල් 6,97,600 ක මුදලක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.
සැකකරු යුද හමුදා සේවයෙන් පලා ආ අයෙකු බවත් ඔහු මීට පෙරද මත් කුඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇප මත සිටින අයෙකු බවත් පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.