(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ මාණිප්පායි ප‍්‍රදේශයේ නිවසක තිබී වයස කාන්තාවකගේ නරක් වූ මළ සිරුරක් ඊයේ (19) සවස හමු වූ බවට මනිපායි පොලීසිය කියයි.
මියගොස් සිටි පී.රත්නවල්ලි බවට හදුනාගෙන ඇති අතර ඇය මාණිප්පායි පොන්නාලෙයි ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි.
නිවසේ ජීවත් ව සිට ඇත්තේ තනිවම වන අතර ඇගේ දරුවන් හා ඥාතීන් අවසන් සමයේ ඉවත් වීම හේතුවෙන් හින්දු භාවනා මධ්‍යස්ථානයක කල් ගෙවා ඇති බවත් පසුව එම මධ්‍යස්ථානයද වසා දැමීම හේතුවෙන් ඇය තනි වීම හේතුවෙන් කිසිදු ඇප උපස්ථානයක් සිදු නොවූ බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.