යාපනයේ නිවසකට පැන පහර දී රත්තරන් කොල්ල කා පලා යයි


රොමේෂ් මධුෂංඛ
 
යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි උතුර සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පිහිටි නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිකගේ තියුණු ආයුධ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු තුවාල ලබා අද (25) අලුයම යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.


සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පිහිටි නිවසකට මුහුණ වසාගත් තිදෙනෙකු නිවසේ වහලයෙන් ඇතුල් වී නිවසේ සිටි පියාට සහ දියණියට තියුණු ආයුධ වලින් පහර දී නිවසේ තිබූ මුදල් හා රත්තරන් රැගෙන පලා ගොස් ඇත.


කොල්ලකන ලද රත්තරන් හා මුදල්වල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර පහරදීම් හේතුවෙන් තුවාල ලැබූවන් අසල්වාසීන් විසින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.