යාපනයේ අඹුසැමි යුවල 100ක් විවාහ කරයි


මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹු සැමි යුවල 100ක් යානයේ දී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
 
යාපනය දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු ලක්ෂ දෙකකට වඩා හඳුනාගෙන ඇති බවත් පසුගිය සිකුරාදා (14) සිට සඳුදා (17) දක්වා ගත වූ දින හතරේ දී පමණක් ගැටලු 12,000ක් පමණ විසඳා අවසන් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ කෝපායි ප්‍රාදේශීය නිල මෙහෙවරට  ගැටලු සහිත පුද්ගලයන් 2526ක්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 3285ක්, යාපනය ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 2202ක් සහ වේලනෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 1629ක් වශයෙන් පුද්ගලයන් 6742ක් පැමිණ ගැටලු 15,418ක් ඉදිරිත් කර තිබෙන බවයි. ඉන් ගැටලු 11,830ක් නිල මෙහෙවර භූමියේ දී ම විසඳා අවසන් කළ බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
 
නිල මෙහෙවර වැඩසටහන ආරම්භ වීමට පෙපර කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 27,189ක් හඳුනාගෙන තිබිණි. තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 13,371ක් ද, යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 9,103ක් සහ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 4,597ක් ද මෙලෛස කලින් හඳුනාගෙන තිබූ අතර එම ගැටලුවලින් සියයට 80ට වැඩි ප්‍රමාණයක් සඳහා නිල මෙහෙවර වැඩසහටන ආරම්භවීමට පෙර විසඳුම් ලබාදීමට හැකිවූ බව ද අමාත්‍යවරයා පවසයි.