යාපනය සරසවියේ වෛද්‍ය ප්‍රදර්ශනයක්


 

(රොමේෂ් මධුෂංඛ)

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින් සංවිධානය කරණු ලබන 2018 වෛද්‍ය ප්‍රදර්ශනය අද (4) වැනිදා සිට 7 වැනිදා දක්වා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර එම ප්‍රදර්ශනය සඳහා දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨවල පිරිස් සහභාගිවීමට නියමිතව ඇත.

මෙම ප්‍රදර්ශනය සඳහා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබී ඇති අතර මෙම ප්‍රදර්ශනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 40 ක් සම්පූර්ණ වීමද සමරණු ලබයි.

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු , වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද සහය ඇතිව මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබයි.