(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
මහා පරිමාණ මිරිදිය ධීවර කර්මාන්තයක් ඇතිකිරීම උදෙසා මත්ස්‍ය ඇඟිල්ලන් හා යෝධ මිරිදිය අඬු ඉස්සන්ගේ කීටයන් දස ලක්ෂයක පමණ ප්‍රමාණයක් යාන් ඔය ජලාශයට මුදාහැරීම අනුරධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි.
මෙහිදි අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, අක්කර අඩි 1,35,000ක පමණ ජලධාරිතාවයකින් යුත් යාන් ඔය ජලාශයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඇති කිරීම මගින් ස්ථිර ධීවර රැකියාවන් රැසකට මග පෑදෙන බවයි.
වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ජලජීවී වගාසංවර්ධන අධිකාරියේ වයඹ හා උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ සී.කේ. සපුමොහොට්ටි මහතා ඇතුළු නිලධාරිහු මේ අවස්ථාවට සහභාගි වූහ.