(සුමතිපාල දීයගහගේ)
තම බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (11) සවස කොග්ගලදී අකුණුසැර වැදී තුවාල ලැබූ පුද්ගලයකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ නුවන් ප්‍රභාත් (26) නැමැති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අයෙකි.
වාද්දුව මග්ගොන පදිංචි මොහු අම්බලන්තොට බැරගම පිහිටි තම මහ ගෙදරට බිරිඳ සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි අකුණු සැර වැදී ඇති අතර කොග්ගල ගුවන් හමුදා කඳවුරේ භටයකු විසින් තුවාලකරු රෝහලට ඇතුළත් කර තිබේ.
අකුණූසැර වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය ශීක්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.