(චන්ද්‍රසේන ගමගේ සහ අශෝක තිලකරත්න)
පෞද්ගලික මුල්‍ය ආයතනයක මුදල් එකතු කරන්නෙකු ගමන් ගත් යතුරුපැදියක් අවහිර කර ගිනි අවියක් පෙන්වා මුදල් රුපියල් 316,932 ක මුදලක් පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි අගුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.
අද (07) දහවල් අදාළ මුල්‍ය සමාගමේ සේවකයා අගුණකොළපෑලැස්ස ගමරාලගම බෝගහ හන්දිය ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම මංකොල්ලය සිදුකර ඇත.
මංකොල්ලකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අගුණකොළපෑලැස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.