යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට


(කේ බුද්ධික කුමාරසිරි )
 
කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල වැලිවිට රක්ගහවත්ත පටුමග අසලදී මාර්ගය හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (02) දින අලුයම මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.


අනතුර සිදු කළ යතුරු පැදියේ ගමන් ගත් හොරණ පොලිස් ස්ථානයට අනුයක්ත පොලිස් කොස්තාපල්වරයෙකු තිස්සමහාරාම ප‍්‍රදේශයේ පිහිටි තම නිවසේ සිට යතුරුපැදයෙන් හොරණ පොලිස් ස්ථානය දක්වා ගමන් කරන අතරතුරදි මාර්ගය හරහා මාරුවෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇතැයි කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි. 


මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ කඩුවෙල වැලිවිට රක්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පල්ලැහැ වත්තේ ගෙදර ආරියසේන නමැති 62 හැවිරිදි දෙදරු පියෙකි.
 
අනතුර සම්බන්ධයෙන් හොරණ පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයා නවගමුව පොලිසිය මඟන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.