යතුරුපැදිය ගසක හැපී යුද හමුදා සෙබළා මිය යයි


( ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර )


මහියංගණය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාදුරුකෝට්ටේ විසිඑකේ කණුව ප‍්‍රදේශයේදී අද (25) යුද හමුදා සෙබළෙකු ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම නිසා යුද හමුදා සෙබළා මියගොස් ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලීසිය පවසයි.


කතරගම යුද හමුදා කඳවුරට අනුයුක්තය සේවයේ යෙදී සිටින දඹුල්ල බකමූණ ප‍්‍රදේශයේ පදිංචි බී.එම්.මහේෂ් සංජය බස්නායක (23)  නැමති තරුණයකු  මෙම අනතුරින් මරණයට  පත්වී ඇත.


මොහු  දඹුල්ල බකමූණ  ප‍්‍රදේශයේ සිට මහියංගන නගරයට සිය යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.


ගිරාදුරුකෝට්ටේ පොලීසිය මේ  පිළිබදව පරීක්ෂණ සිදු කරයි.