(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේදී අද (14) කැබ් රථයක් යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
අනතුරට පත් යතුරුපැදියේ එකම පවුලේ මව,පියා සහ පුතු තිදෙනෙකු ගමන්කර ඇති බවත් එම අනතුරින් මරණකරුගේ බිරිඳ සහ පස් හැවිරිදි පුතා තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ අරලගංවිල, කජුවත්ත පදිංචි පී.ජී.ආනන්ද යන අයයි.
යතුරුපැදියේ ගැටුණු කැබ් රථය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අනතුරට හේතුව කැබ් රථයේ රියැදුරුගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය බව විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.