යතුරු පැදියේ ගැටී අයෙක් මරුට


(පුත්තලම - ජුඩ් සමන්ත)

හලාවත - කොළම මාර්ගයේ මැරවල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා සිටි අයෙක් ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මනක්කුලම - නැඹඩවල පදිංචිව සිටි වික්‍රමසිංහ අප්පුහාමිලාගේ අනුර නම් 54 හැවිරිදි අයෙකි. 

යතුරු පැදිය පැදවූ  හලාවත - මැරවල පදිංචිකරුවෙකු වන හතුරුසිංහගේ නයෝන් රුසිර ප්‍රනාන්දු  යන අයද ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ පවත්වයි.