(සමන් පාලිත නානායක්කාර)
මහඔය අරලගංවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක වන අලියෙකු ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් අද (18) ජිවිතක්ෂයට පත්වී ඇතැයි මහඔය පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අංක 12 බණ්ඩාරදූව හොරගොල්ල ගොනාගොල්ල උහන පදිංචිව සිටි නෙතු ජී නිහංසා නැමති හත් හැවිරිදි දැරියක් බව පොලිසිය පැවසීය.
එකම පවුලේ මව පියා හා දරුවන් දෙදෙනා යතුරුපැදියේ ගමන් ගෙන ඇති අතර යතුරු පැදිය අරලගංවිල මාර්ගයේ මාදුරු ඔය ජලාශයට හැරෙන හන්දිය අසලදී මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ඇඟේ හැපී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කීය.
මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටී දැරිය මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇති බවත් අනතුරින් පියා ද සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.