යතුරු පැදිය ලොරියක ගැටී කාන්තාවක් මරුට


අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ 
 
වීරකැටිය අඟුණකොළපෑලැස්ස ප්‍රධාන මාර්ගයේ ජදුරේදී අද (01) යතුරු පැදියක් බට්ටා ලොරියක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ පිටුපස ආසනයේ ගමන් කළ අවුරුදු 50ක් වයසැති කාන්තාවක් මියගොස් ඇතැයි  අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.
 
ඇය ගමන් කළ යතුරු පැදිය පදවා ඇත්තේ ඇයගේ පුතෙකු බවත් අනතුර සිදු වන අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවත් ඔහුට යතුරුපැදි පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවත් මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 
 
අඟුණකොළපෑලැස්ස පොලිසිය මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.