යටත්තාවල කාණුවක් අසළ සිරුරක්



(අධිකාරි මුදියන්සේ) 
 
 පොල්ගහවෙල-කෑගල්ල ප්‍රධාන  මාර්ගයේ යටත්තාවල ප්‍රදේශයේ මාර්ගය අසළ කාණුවක තිබියදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
 
මියගිය පුද්ගලයාගේ හිස පිටුපස හා  පාදයේ  තුවාල  දක්නට ඇති බව පවසන පොලිසිය පෙරදින රාත්‍රියේ වූ රිය අනතුරකින් ඔහු මියගොස් ඇති බවට සැක පළ කරයි.
 
මියගිය පුද්ගලයා පොල්ගහවෙල සෙරපිස් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68  ක පමණ, එස්.එම් ලක්ෂ්මන් නැමැති දෙදරු පියෙකි.
 
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය කෑගල්ල මහා  රෝහලේ දී සිදුකිරීමට නියමිතය.