(හේමලතා ඞී හේවගේ)
නිවෙස් පිටුපසට ගොස් විවාහක කාන්තාවන්ගේ යට ඇඳුම් සොරාගෙන තම යට ඇඳුම් තුළ සඟවාගෙන ගමන්ගත් පුද්ගලයකු අද (9) අලුයම දෙකට පමණ අලව්ව ගිරිඋල්ල මාර්ගයේ හතේ කණුව අබ්බෝව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය කියයි.
අත්අඩංගුවට පත් 24 හැවිරිදි අවිවාහක සැකකරු අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරකු වන අතර ඔහු සතුව කාන්තා යට ඇඳුම් 6ක් පමණ තිබී සොයාගත් බවත් පොලීසිය පවසයි.
සැකකරු සවස් කාලයේ ළිං හා නිවෙස් පිටුපසින් කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම දිඟු කාලයක සිට සිදුකර ඇති බවටත් එයින් මානසික වින්දනයක් ලබන අයකු බවත් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී ආනාවරණය වූ බව පොලීසිය පවසයි.