යක්කලමුල්ල සතිපොළ පොදු ක්‍රීඩාංගණයට රැගෙන යනවාට විරෝධය


 (ජේ.කේ.එල් චාමින්ද)
 
යක්කලමුල්ල ප්‍රදේශිය සභාව මගින් පාලනය වන  සති පොළ  යක්කලමුල්ල පොදු ක්‍රිඩාංගණය වෙත රැගෙන එමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වා අද (28) දහවල් යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදි තරුණ පිරිසක් නිහඬ විරෝධතාවයක නිරතවුහ.
 
යක්කලමුල්ල   නගරයේ පවත්වාගෙන යන සතිපොළ  යක්කලමුල්ල පොදු ක්‍රිඩාංණය වෙත  රැගෙන   එන බවට ප්‍රාදේශිය සභා රැස්විමේ දි තින්දුවක් ගෙන ඇති බැව් මෙහිදි විරෝධාතකරුවෝ පැවසුහ.
 
විරෝධතාකරුවෝ  පළමුව පොදු ක්‍රිඩාංගණය තුළ  විරෝධතා පුවරු  ඔසවාගෙන නිහඩ විරෝධතාවයක නිරතවුහ. ඉන්පසු පාගමනින් යක්කලමුල්ල නගරය වෙත පැමිණ යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරතවුහ. 
 
වැඩේ නින්දිතයි, අපේ ක්‍රිඩා පිටිය අපේ, අපේ ක්‍රිඩාපිටිය අපිට දියව්,, රුපියල් ශතවලින් ක්‍රිඩාව මනින පාලකයින් කුමටද, තිරණය වෙනස්කරව්, ආදි  වැකි විරෝධතා පුවරුවල සටහන්ව තිබුණි. ක්‍රිඩාංගනය තුළ සතිපොළ ස්ථාපිත කිරිම නිසි ප්‍රදේශයේ තරුණ පිරිසට ක්‍රිඩා කිරිමට ස්ථානයක් නොමැති බවත්  මෙහිදි විරෝධතා කරුවන් පැවසුහ.එම නිසා මෙම තිරණය වෙනස්කරගන්නා ලෙසද ඔවුහු ප්‍රදේශිය සභාවෙන් ඉල්ලා සිටියහ.
 
විරෝධතාවයට ප්‍රදේශයේ තරුණ පිරිස සමඟ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ගාමිණි නානායක්කාර මහතාද එක්ව සිටියහ.