තිලකරත්න දිසානායක
යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයෙහි සිසුන් 19 දෙනෙකුට අසත්‍ය චෝදනා නගමින් පන්ති තහනම් කිරීමට සැලසුම් කිරීම ඇතුළු ගැටළු කිහිපයකට විරෝධය පළකරමින් අද (15) දහවල් එම විද්‍යායතනය ඉදිරිපිට සිසුහු උද්ඝෝෂණයක් පැවැත්වූහ.
වෛද්‍ය සිසු සිසුවියන් 300ක් පමණ ඊට සහභාගී වූ අතර උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවිය.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහියපක් යොදවා තිබිණි.