(ජේ.කේ.එල් චාමින්ද)
අක්මිමන තොටගොඩ ප්‍රදේශයේ දි මෝටර් රථයක ගැටිමෙන් කාන්තාවක් අද (25) මියගොස් ඇති අතර අනතුරට අදාල මෝටර් රථය පලාගොස් ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
අද (25) අලුයම මෙම අනතුර වි ඇති බැව් අක්මිමන පොලිසිය කියයි.
ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගයේ තොටගොඩ ප්‍ර දේශයේ දි මෙම අනතුර වි ඇති අතර කාන්තාව අනතුරට ලක්කර මෝටර් රථය පලාගොස් තිබේ. කාන්තාව අනතුර වු ස්ථානයේදිම මියගොස් ඇත.
මියගිය කාන්තාව හදුනාගෙන නොමැති අතර හදිසි මරණ පරික්ෂකවරයාගේ නියෝගය මත මිය ගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.
අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.