මෝටර් රිය පෙරැළී 05 ක් රෝහලේ


 
                                               

( ක.ග කරුණාරත්න)


පොලොන්නරුව - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල හංදියට නුදුරුව පිහිටි වංගුවේදි අද (26)උදෑසන   ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයෝ 05 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුහු සුළු තුවාල ලබා ඇත.

සිරිපුර, නුවරගල  සිට කන්තලේ බලා ගමන් ගත් මෙම පිරිස අතර අද(26) දිනයේ විවාහ දිවියට පිවිසීමට සිටි මනාල මහතෙකුද සිටි බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරින් මෝටර් රථයට දැඩි අලාබ හානි සිදුවී තිබේ.

ඉදිරියෙන් තිබූ වංගුවේදී රියදුරාට මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත.

අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.