පාලිත ආරියවංශ
බදුල්ල මහියංගන මාර්ගයේ දම්බරාව පාසැල අසලදී මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී අනතුරට ලක්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ 27 හැවිරිදි කාන්තාවක් මියගොස් එය පැදවු ඇගේ සැමියා වන යුධ හමුදා සෙබලෙක් හා මරණ කාරියගේ මව තුවාල ලබා ඇතැයි මහියංගනය පොලිසිය කියයි.
බරපතල තුවාල ලැබු ඇය හා ඇගේ සැමියා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබු අතර අද (19) උදෑසන මෙම කාන්තාව මියගිය බව පොලිසිය පවසයි.
ඇගේ සැමියා බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මව මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි .
මෝටර් රථයේ රියදුරා මහියංගනය පොලිසයි අත්අඩංගුවට ගෙන ඇති අතර . මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.