(බදුල්ලේ පාලිත ආරියවංශ/ විජේරත්න රත්නායක/ ඇල්ල ප්‍රසාද් රුක්මල්)
බදුල්ල මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් අද (26) උදෑසන මාපාකඩවැව 17 කනුව හන්දියට නුදුරු ස්ථානයකදී වියානා ඇළට වැටි පුද්ගලයෙක් අතුරුදව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
ගුරුවරියක් ගුරුවරුන් දෙදෙනෙකු හා බැංකු නිලධාරියෙක් බදුල්ල සිට මහියංගනය බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇත. අතුරුදන්ව ඇත්තේ මහියංගන තිස්සපුර මහා විද්‍යාලයේ තිස් හැවිරිදි ගුරුවරයෙක් බව පොලිසිය සදහන් කරයි.
පොලිසිය හා ප්‍රද්‍ෙශවාසීන් අතුරුදහන්වූ පුද්ගලයා සෙවීමට මෙහෙයුම් ආරම්භ කර ඇත

